Saturday, November 26, 2016

කැස්ත්‍රෝ සහ අපාය


මිය ගිය ෆිඩෙල් අපායට ලඟා විය. ඔහුට තෝරාගැනීම් දෙකක් විය.. ඒ ධනවාදී අපාය සහ කොමියුනිස්ට් අපායයි .

මේ දෙකම සංසන්දනය කල බැලිය යුතු යැයි සිතූ ෆිඩෙල් මුලින් ධනවාදී අපාය වෙත ගියේය..
දොර අසලම රොනල්ඩ් රේගන්ට සමාන මුහුනකින් හෙබි යකෙක් වැනි අයෙක් සිටගෙන සිටියේය..

" මේ අපාය මොන විදිහද ?"

" ධනවාදී අපායේ මුලින්ම උනුවතුරින් තම්බලා හම අරිනවා.. පස්සේ උතුරන තෙල් හැලියෙන් බැදගන්නවා.. ඊටත් පස්සේ තියුනු පිහි වලින් කෑලි කෑලි වලට කපනවා " යකා කීය.

" බුදු අම්මෝ.. මේක තිරශ්චීන යි.. ම්ලෙච්ඡයි.. මං කොමියුනිස්ට් අපාය කොහොමද කියලා බලලා එන්නං " ෆිඩෙල් කීය.

ෆිඩෙල් කොමියුනිස්ට් අපාය වෙත ලඟා වෙත්ම අපායට ඇතුලු වීමට දිගු පෝලිමක් විය. ඔහුත් පෝලිමේ සිට ගත්තේය..

කෙමෙන් ඉදිරියට ඇදෙන පෝලිම සිට යන්තම් කොමියුනිස්ට් අපායේ දොරකඩ අසලට ලඟා වෙත්ම , කාල් මාක්ස් ට සමාන වයසක සුදු රැවුලක් සහිත කුඩා මිනිසෙක් දොරකඩ අසල සිටගෙන සිටි බව දුටු ෆිඩෙල්
...
" හේයි.. කාල් .. මේකට ඇතුල් වෙන්න ඉස්සේල්ලා මට කියනවද මේක මොන වගේද කියලා ? "

" කොමියුනිස්ට් අපායේ මුලින්ම උනුවතුරින් තම්බලා හම අරිනවා.. පස්සේ උතුරන තෙල් හැලියෙන් බැදගන්නවා.. ඊටත් පස්සේ තියුනු පිහි වලින් කෑලි කෑලි වලට කපනවා " කාල් කීය.

" හෑ... ඉතිං මේකත් ධනවාදී එක වගේමනේ...." ෆිඩෙල් උද්ඝෝෂණ ස්වරයෙන් කීවේය.. " ඒත් මොකෝ මෙ පෝලිම.. ? "

" හ්ම්" කියා සුසුමක් හෙලූ කාල් ..
" මෙහෙ වෙලාවකට තෙල් හිඟයි.. වෙලාවකට පිහි හිඟයි.. සමහර වෙලාවලට ඉතිං උනු වතුරත් හිඟයි...."

- Priyantha Jayawardena - 

ගේ මූණූ පොතෙන් උස්සන ලදි.. 

2 comments:

Followers

Powered By Blogger